Popular Posts

Monday, August 22, 2022

කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යපාරයෙන් ගොඩ ගිය පුංචි කොල්ලා රයන්.



 කසළ ප්රතිචක්රීකරණ ව්යපාරයෙන් ගොඩ ගිය පුංචි කොල්ලා රයන්.


රයන් හික්මන් (Ryan Hickman)
Ryan Hickman 

සාමාන්යයෙන් අවුරුදු එකොළහක් දොළහක් වෙනකොට ළමයෙක්ට හිතුණොත් තමාන්ගෙම කියලා ව්යාපාරයක් පටන් අරන් ඒකෙන් ලෝකෙට සේවයක් කරන්න. ලංකාවේ අපිට නම් ටිකක් අමුතුයි වගේ නේද හැබැයි ඒ උනාට ලෝකෙ නම් එහෙම දේවල් වෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම පොඩි වයසෙදීම තමන්ගෙ කියලා ව්යාපාරයක් පටන්ගත්ත කෙනෙක්. හැබැයි මේක ප්ලාස්ටික් ප්රතිචක්රිකරණට සම්බන්ධ කතාවක්. අපි හැමදාම අදහස් ගැන සාකච්ඡා කරමින් හිටියට ප්රායෝගිකව ක්රියාත්මක වෙන අවස්ථා නම් බොහොම අඩුයි. එහෙම වෙනකොට එයට කදිම ආදර්ශයක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ ඉන්නවා. ආදර්ශයක් කිව්වට තාම පොඩි දරුවෙක් ඒත් හිතපු දුර නම් මහ විශාලයි.
එයාගෙ නම රයන් හික්මන්. මේ පොඩි දරුවාගෙ ව්යාපාරය තමා ප්ලාස්ටික් ප්රතිචක්රිකරණය කිරීම කිව්වොට්ජ් කවුරුත් පුදුම වේවි. ඒත් කතාව ඇත්ත.හොඳම දේ තමයි ඒකෙ ප්රධාන විධායක නිලධාරී (CEO) විදියට ඉන්නෙට් එයාම තමා. පුදුමයක් වුනත් ඒක ඇත්තක්. ඒ වගේම ව්යාපාරයෙන් ලැබෙන ආදායම තමන්ගේ පාසල් ගාස්තු ගෙවන්නත් හොඳටෝම සෑහෙනවා කියලයි එයා කියන්නේ.
පුoචි හිතේ ළොකු අදහස්
Ryan’s Recycling‘ තමයි මේ ව්යාපාරයේ නම .
රයන්ට අවුරුදු 3දී, එයාගේ ආසාව ඉෂ්ඨ කරලා දුන්නේ එයාගේ තාත්තා. ඒ කතාව මෙහෙමයි.
2012 අවුරුද්දේ දවසක් රයන් සහ එයාගෙ තාත්තා කැලිෆෝනියාවේ තියෙන ප්රතිචක්රීකරණ ආයතනයක ඉවතලන ප්ලාස්ටික් බෝතල් ලබාදීලා සල්ලි අරගන්නවා දකිනවා. ඉතිං මේ පුoචි කොලු ගැටයා හිතනවා ඇයි මටත් පුළුවන් නේද කියලා හිතලා, තමන්ගේ පුoචි බයිසිකලේ පිටිපස්සේ පොඩි ට්රේලරයක් හයි කරගෙන අසල්වැසි ගෙවල්වලට ගිහින්, රයන් දහවල් කාලයේ පාසල නිමාවී නිවසට පැමිණීමෙන් පසුව ප්රතිචක්රීකරණයට අවශ්ය කුණු කසළ, ඒ කියන්නේ ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් එකතු කරන්න යන්නේ එයාගේ අම්මාත් එක්කයි. මේ වැඩේට එයාගෙ හොඳම යාළුවොත් උදව් කරනවා. ඔන්න එහෙමයි මේ පුංචි ව්යාපාරිකයා බිහිවෙන්නේ.






රයන්ගේ මේ වැඩේ ගැන අහපු මාධ්යවේදීන්ට එයාගෙ තාත්තා කිව්වේ ‘එයා හරි ආසවෙන් මේ ව්යාපාරය කරගෙන යනවා. ඇත්තටම එයා තමයි බොස්. මම සේවකයා'. රයන්ගේ පියා ඩේමියන් හික්මන් එසේ කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවයි. ඒ වගේම කියලා තිබ්බා ‘පුතාට මේ වැඩෙන් ඩොලර් දෙක තුනක් ලැබෙනවා. එයාගේ වයසේ හැටියට ඒක ලොකු මුදලක්නේ.‘
කොහොම හරි අවුරුදු කිහිපයක් තිස්සේ මේ කරන පුංචි ව්යාපාරයෙන් රයන් එයාගේ පාසල් වැඩවලට අවශ්ය ඩොලර් දහදාහක් විතර ඉතුරු කරලයි තියෙන්නේ. ඒකත් ලොකු දෙයක්. රයන් කියන්නේ කවදාහරි දවසක මේ විදිහට මුදල් එකතු කරලා පුංචි කුණු ලොරියක් මිළට ගන්න අදහසක් තියෙනවා කියලයි.
නොනවතින අදිටන
මේ පුoචි දරුවාගේ උත්සහය ජාත්යන්තරයෙ පවා කතබහට ලක්වෙනවා ඒ අනුව 2017 වසරේදී ඔහු ජීවත් වන Sen Juan නගරයේදී "Citizen of the Year" සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ අතරම 2017 වසරේදී එරට වඩාත් බලපෑම් කල හැකි පුද්ගලයන් (Most Influential People) 100 දෙනා අතරට තේරී පත්වෙන අතර. 2018 වසරේදී MSN ආයතනය "TIME Magazine for Kids and National Geographic as well as being featured as a WHIZ KID in OC Family" එක්වී ලෝකය වෙනස් කළ ළමුන් 15 දෙනා (Top 15 kids changing the world) ගේ ලැයිස්තුවට රයන්ගේ නමත් එකතු කරනවා. පහළ තියෙන ලැයිස්තුව බැලුවම හිතාගන්න පුළුවන් නේ පොඩි අදහසකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා.
රයන්ට හිමිවු සහතික සහ සම්මාන....
2016 DAR Certificate of Recognition
2017 Festival of Children “FRED” Award
2017 Kidsareheroes.org Lily’s Hero’s Award
2017 City of San Juan Capistrano Certificate of Recognition
2017 Pacific Marine Mammal Center’s “Philanthropist of the Year”
2017 CNN Young Wonder Award
2017 OC Register’s 100 Most Influential People
2017 San Juan Capistrano “Citizen of the Year”
2017 DAR Certificate of Recognition
2018 MSN Top 15 Kids Changing the World List
2018 Recycling Champion Award – OC Waste & Recycling
2018 County of Orange Certificate of Recognition
2018 Wyland Foundation’s Ambassador For The Planet Award
2018 Action For Nature ECO-HERO Award
2018 Barron Prize Young Hero Honoree
2018 Paradigm Challenge 2nd Place Award
2018 IBWA Recycling Champion Award
2019 Sand Cloud Ambassador of the Year
හිතට ආපු පොඩිම පොඩි අදහසක් මේතරම් දුරක් එයි කියලා වගේම එයාව ලෝකෙම කතාකරන කෙනෙක් (iconic personality) කරයි කියලා කිසිම දවසක හිතන්නෙ නැතිව ඇති .
රයන් නම් කියන්නේ ප්රතිචක්රීකරණයෙන් පරිසරය සුරකින්න විශාල දායකත්වයක් ලැබෙනවා කියලයි.
ඔන්න ඔය කාරණාව තමයි අපි කවුරුත් තවම තේරුම් අරන් නැත්තෙ කියලයි මට නම් හිතෙන්නෙ.ඒ කොහොම උනත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශ තමා ලෝකෙට වෙනසක් කරන්න වයස බාධාවක් නෙවෙයි කියන එක වගේම පොඩි අදහසකට උනත් දවසක ලොකු වෙනසක් කරන්න පුලුවන් කියන එක.


(තොරතුරු www.ryansrecycling.com සහ Time සඟරා ලිපි ඇසුරිනි)

No comments:

Post a Comment